ශ්‍රී ලංකා පිරිමි මීටර් 400×4 සහාය දිවීමේ කණ්ඩායම ලෝක සහාය දිවීමේ ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ. ඉන්දියාවේ පැවති තරගාවලියකදී මිනිත්තු 3:02:16 ක කාලයක් වාර්තා කරමින් ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල 20 වන ස්ථානයට පත්වීමත් සමඟ ඔවුන් මෙම අවස්ථාව හිමිකර ගෙන ඇත.
මෙම ඉසව්ව සඳහා ලොව පුරා සහාය දිවීමේ කණ්ඩායම් 24ක් එක්වීමට නියමිත අතර, අදාළ ලෝක ශූරතාවලිය ලබන මැයි මාසයේදී බොට්ස්වානාහි ගැබරෝන් (Gaborone) නුවරදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සහාය දිවීමේ කණ්ඩායමක් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ දස්කමක් දැක්වීම කැපී පෙනෙන ජයග්‍රහණයකි.














