ශුද්‍ර මූල්‍ය ණය ලබාදීමේදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සහ පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් ඉදිරිපත් කළ “ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත” පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. නව පනතට අනුව, වැරදි ආකාරයට හෝ නීති විරෝධී ලෙස ශුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන සඳහා රුපියල් මිලියන පහක (ලක්ෂ 50ක) දඩ මුදලක් නියම කිරීමට ප්‍රතිපාදන සලසා ඇත.
විවාදයට එක්වෙමින් කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ, ඇතැම් ආයතන වාර්ෂිකව 300%කට වඩා වැඩි අධික පොලී අනුපාත අය කරමින් ජනතාව පීඩාවට පත් කරන බවයි. මෙම මූල්‍ය මාෆියාව මැඩලීම සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් බිලියන 95.6ක මුදලක් වෙන් කර ඇති බවත්, ග්‍රාමීය ණයගැතිභාවය පිටුදැකීමට රජය කැපවන බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කළේ මෙම පනත මගින් කුඩා ප්‍රජා මූල සංවිධාන විනාශ වී මහා පරිමාණ මූල්‍ය ආයතනවලට වාසි සැලසෙන බවයි. මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පෙන්වා දුන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ණය මුදලක් ලබාගැනීමේ කොන්දේසියක් මත මෙම පනත හදිසියේ සම්මත කරන බවයි. ආණ්ඩු පක්ෂය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මීට පෙර ක්ෂුද්‍ර ණය උගුලට හසුව කාන්තාවන් 200ක් පමණ සියදිවි හානිකර ගත් තත්ත්වය පාලනය කිරීමට මෙම නියාමනය අත්‍යවශ්‍ය බවයි.














