කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සිය අමාත්‍යාංශ විෂය පථයට අදාළ ඕනෑම ගැටලුවක්, අසාධාරණයක් හෝ අක්‍රමිකතාවක් පිළිබඳව සෘජුවම තමන්ට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව, 071 2473104 යන ඔහුගේ පෞද්ගලික දුරකථන අංකයට වට්ස්ඇප් (WhatsApp) හඬ පණිවිඩයක් (Voice Message) මඟින් අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේය. මෙලෙස ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් නිසි ක්‍රමවේද හරහා අවශ්‍ය පියවර ගැනීමට සහ මඟපෙන්වීම් ලබාදීමට කටයුතු කරන බවට ඔහු සහතික වී තිබේ.
සාමාන්‍යයෙන් සඳුදා දිනය මහජන දිනය ලෙස වෙන් කර ඇති අතර, අමාත්‍යවරයා පෞද්ගලිකව හමුවීමට අපේක්ෂා කරන පිරිස් සඳහා කොළඹ හෝ මහනුවර යන ප්‍රදේශවලදී අවස්ථාව සලසා දී ඇත. ඒ සඳහා සම්බන්ධීකරණ ලේකම් ගාමිණී සෙනරත්න (071 8103579), මහජන සම්බන්ධතා නිලධාරී රනිල් විමලරත්න (075 8040110) හෝ මහනුවර මහජන දිනය සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් කපිල (071 4464857) යන මහත්වරුන් හරහා පූර්ව වේලාවන් වෙන් කරවා ගත යුතු බව ද අමාත්‍යවරයා දැනුම් දෙයි. පරිපාලනමය රාමුව තුළ ජනතා නියෝජිතයන් ලෙස කටයුතු කරමින්, ජනතාව ඉදිරිපත් කරන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට තම කාර්ය මණ්ඩලය කැපවී සිටින බවත් ඒ සඳහා ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ලාල් කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.















