ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන යුද නෞකාවකට සිදුවූ අනතුරකින් පසුව බේරාගත් නාවිකයන් 204 දෙනෙකු සම්බන්ධයෙන් වරාය පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා. වරාය පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාව මගින් අධිකරණයට දැනුම් දුන්නේ මුදවාගත් මෙම නාවික පිරිස මේ වන විට ආරක්ෂිතව වැලිසර නාවික කඳවුර වෙත යොමු කර ඇති බවයි. මෙම නාවිකයන් පිරිස මුදවාගැනීම සඳහා සිදුකළ මෙහෙයුම සහ ඉන් අනතුරුව ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳව ද මෙහිදී අධිකරණය දැනුවත් කෙරුණා.














