විශ්‍රාමික ජීවිතය සුවපහසුව සහ අර්ථවත්ව ගත කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයින් සඳහා ලොව සුදුසුම රට ශ්‍රී ලංකාව බව ලෝ ප්‍රකට ඇමරිකානු සංචාරක සඟරාවක් වන “Travel + Leisure” මඟින් නිර්දේශ කර තිබේ. ආසියානු කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවේ පවතින අවම ජීවන වියදම සහ ගුණාත්මක සේවාවන් මෙලෙස ප්‍රමුඛස්ථානයට පැමිණීමට ප්‍රධාන හේතුව වී ඇත.
විදේශිකයන්ට අනුව ශ්‍රී ලංකාවේ ආහාර පාන ඉතා අඩු මිලකට ලබාගත හැකිය. උදාහරණයක් ලෙස, දෙදෙනෙකු සඳහා නැවුම් මාළු ආහාර වේලක් ඩොලර් 3.50ක් (රු. 1,000කට ආසන්න) වැනි මුදලකටත්, නැවුම් අන්නාසි ගෙඩියක් ඩොලර් 0.20ක් (රු. 60ක් පමණ) වැනි මුදලකටත් මිලදී ගත හැකිය. එමෙන්ම පොකිරිස්සන් සහ කකුළුවන් ඇතුළත් ඉහළ පෙළේ මුහුදු ආහාර වේලක් සඳහා වැය වන්නේ ඩොලර් 35ක් වැනි සුළු මුදලකි.
ප්‍රවාහන වියදම් අතින් ශ්‍රී ලංකාව ඉතා ලාභදායී රටක් ලෙස හඳුන්වා දී ඇත. පැය දෙකක දුම්රිය ගමනක් සඳහා ඩොලර් 1ක් වැනි මුදලක් වැය වන අතර, සැතපුම් තුනක ත්‍රීරෝද රථ (ටුක්-ටුක්) ගමනක් සඳහා වැය වන්නේ ඩොලර් 2ක් පමණි. මෙය විශ්‍රාමිකයින්ට රට පුරා සංචාරය කිරීමට මනා පහසුවක් සපයයි.
විශ්‍රාමික දිවියට අත්‍යවශ්‍යම සාධකය වන සෞඛ්‍ය සේවාව පිළිබඳව ද සඟරාව ඉහළ ඇගයීමක් කර ඇත. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි රජයේ මෙන්ම පෞද්ගලික රෝහල් නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත වීමත්, එම සේවාවන් ඉතා සාධාරණ මිලකට ලබාගත හැකි වී












