ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය විසින් ආරම්භ කරන ලද විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (08) දිනය තුළ පමණක් සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
දිවයින පුරා ක්‍රියාත්මක වූ මෙම විශේෂ වැටලීම් මාලාවේදී අත්අඩංගුවට ගත් පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ළඟ තබාගන්නන් සහ භාවිතා කරන්නන් ද සිටින බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය උවදුරින් තොර රටක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව පොලිසිය සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව මෙම දැවැන්ත මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇත.













