විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා පිහිටුවා ඇති “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. මත්ද්‍රව්‍ය වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම්වල ප්‍රමාණාත්මක වර්ධනයක් ඇති බව මෙහිදී නිරීක්ෂණය වූ අතර, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. සමාජ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ කිසිසේත් අඩපණ නොවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.














