ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාතරදී අද (09) අභිමානවත්ව පැවැත්විණි. කාන්තා අයිතිවාසිකම් නීති පොත්වලට පමණක් සීමා නොකර ඒවා කාන්තාවන්ගේ සැබෑ ජීවිතයට ළඟා කර දීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
මාතර රුහුණ විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවය පිළිබඳ තොරතුරු මෙසේය. අද දවසේ කාන්තාවන් භුක්ති විඳින අධ්‍යාපන සහ දේශපාලන නිදහස ඇතුළු සියලු අයිතිවාසිකම් ඉතිහාසය පුරා කාන්තාවන් විසින් සිදු කරන ලද සුවිශාල අරගලවල ප්‍රතිඵලයක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. මෙම ජාතික උත්සවය සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
“පොහොසත් රටක අබිමන ඇය වේ – රටක පෙරමග” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උත්සවයේදී කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙළ රැසක් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.














