අනතුරට ලක්වූ ඉරාන නෞකාවට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල වූ බවට සමාජ මාධ්‍ය සහ විවිධ අංශ මගින් පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා නාවික හමුදාව අද (04) නිල වශයෙන් නිවේදනය කළේය. මැදපෙරදිග පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ මෙවැනි පුවත් පැතිර ගියද, එම නෞකාව අනතුරට පත්වීමට එවැනි බාහිර ප්‍රහාරයක් හේතු වී නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි.
නාවික හමුදාව පවසන්නේ අදාළ නෞකාව අනතුරට පත්වීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී සබ්මැරීන් ප්‍රහාරයක් හෝ වෙනත් හමුදාමය ප්‍රහාරයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බවයි. පවතින කලාපීය නොසන්සුන්තාවය උපයෝගී කර ගනිමින් මහජනයා නොමග යැවීම සඳහා මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව නාවික හමුදාව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම අමෙරිකා-ඉරාන යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ සිදුවන නාවික ගමනාගමන සහ අනතුරු පිළිබඳව දැඩි අවධානයක් යොමුව පවතී. එවැනි සංවේදී අවස්ථාවක තහවුරු නොකළ තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.













