ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය පවතින බව නිල වශයෙන් තහවුරු වී තිබේ. අදාළ යාත්‍රාව සහ සැකකරුවන් පිරිස දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදු කළ මූලික විමර්ශනවලදී එම යාත්‍රාවේ තිබූ පාර්සල් තුළ අඩංගු වන්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය බව හඳුනාගෙන ඇත.
මේ වන විට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිරා බැලීමේ කටයුතු (Weighing process) සිදු කරමින් පවතී. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සංඛ්‍යාව සහ මත්ද්‍රව්‍ය තොගයේ සම්පූර්ණ වටිනාකම පිළිබඳ නිල වාර්තාවක් ඉදිරි පැය කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතය.














