මුහුදේදී අනතුරට පත් වූ දෙවන ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන එනු ලැබීය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම පිරිස වරායට රැගෙන ඒමෙන් පසු අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීමට පියවර ගත් බවයි.
වරාය පරිශ්‍රයේදී සිදු කෙරෙන මූලික පරීක්ෂණ සහ ලියාපදිංචි කිරීම්වලින් අනතුරුව, ඔවුන් සියලු දෙනා වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිත බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. මෙම මුදාගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














