ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රා දෙකක් සමඟ අත්අඩංගුවට ගත් දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10කට අධික බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි. අද (12) පෙරවරුවේ මෙම යාත්‍රා සහ මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබීය.
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ගිනි අවි කිහිපයක් ද සොයා ගැනීමට හැකි වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජාත්‍යන්තර මුහුදු සීමාව ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම වැටලීම සිදුකර ඇත.
මෑත කාලීනව මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් ලෙස මෙය සැලකෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකෙරේ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් මෙරට තුළ ක්‍රියාත්මක වීම මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.














