දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව අද (16) දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමට නියමිතය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර නාවික බලඇණිය විසින් ඊයේ (15) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ යාත්‍රාව සමඟ එහි සිටි පුද්ගලයන් පස්දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඔවුන් ද අද දිනයේ දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ඇත. වරායට රැගෙන ඒමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය තොගයේ බර ප්‍රමාණය සහ එහි වටිනාකම පිළිබඳ නිල වශයෙන් ගණනය කිරීම් සිදුකිරීමට නියමිත අතර සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සූදානමින් සිටී.














