දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් මේ වන විට දික්ඕවිට වරායට රැගෙන විත් තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර නාවික බලඇණිය විසින් ඊයේ (15) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත.
යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගත් ධීවරයන් පස්දෙනා ද මේ වන විට වරාය වෙත රැගෙන විත් ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය. නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ එහි වටිනාකම පිළිබඳ නිල ගණනය කිරීම් මේ වන විට වරාය පරිශ්‍රයේදී සිදු කෙරෙමින් පවතී.














