බේරුවලට මුහුදු සැතපුම් දහයක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී නැවකින් ලබාගත් බව කියන ඉන්ධන තොගයක් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයන් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා නිරීක්ෂණ යාත්‍රාවක් මගින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී බැරල් තුනක අසුරා තිබූ ඩීසල් ලීටර් 400 ක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් ධීවරයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම ඉන්ධන තොගය නැවකින් භාණ්ඩ හුවමාරු ක්‍රමයට (Barter system) ලබාගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා වත්තල සහ හැම්ල්ටන් ඇල ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් බේරුවල පොලිසිය වෙත භාර දී තිබේ. සැකකරුවන් හෙට (09) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














