ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම යාත්‍රාව පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගයක් හමුවී ඇති අතර, යාත්‍රාවේ සිටි පුද්ගලයන් හය දෙනෙකු ද සැකපිට නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පිරිස මේ වන විට වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය තොගයේ නිශ්චිත බර සහ එහි වටිනාකම යාත්‍රාව වරායට පැමිණි පසු සිදුකරන පරීක්ෂණවලින් අනාවරණය වීමට නියමිතය.












