ශ්‍රී ලංකාවේ නව කර්මාන්ත ප්‍රතිපත්තිය යටතේ නවසීලන්තය සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා සහ කර්මාන්ත අමාත්‍යවරයා අතර ඊයේ (27) දින අමාත්‍යාංශයේදී පැවැත්විණි. අපනයන අභිමුඛ ආර්ථිකයක් කරා යන ගමනේදී නවසීලන්තයේ දියුණු තාක්ෂණික අත්දැකීම් මෙරටට ලබාගැනීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර නවසීලන්තයේ දියුණු කෘෂි කාර්මික හා කිරි ආශ්‍රිත නිෂ්පාදන තාක්ෂණය මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත හඳුන්වා දීමටත්, ලාංකික තරුණ ප්‍රජාවට වෘත්තීය හා ව්‍යවසායකත්ව පුහුණු අවස්ථා ලබාදීමටත් සාකච්ඡා කෙරිණි. මීට අමතරව දෙරට අතර කර්මාන්ත ආශ්‍රිත සංචාරක අවස්ථා ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ලබන වසරේ ජුනි මස පැවැත්වෙන “EXPO 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා නවසීලන්තයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසකගේ සහභාගීත්වය තහවුරු කරගැනීමට ද මෙහිදී පියවර ගැනුණි.














