“ඩිට්වා” (Ditwah) සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය තිරසාර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ නිල සමාරම්භය ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති අතර රජයේ “Rebuilding Sri Lanka” ජාතික වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ (25) කොටමලේ – ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී රුපියල් මිලියන 383ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරෙන පේරාදෙණිය-බදුල්ල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 2.1ක කොටසක වැඩකටයුතු ආරම්භ කරන ලද අතර මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) උපදේශකත්වය මත දේශීය සමාගම් විසින් මාස 6ක් ඇතුළත මෙහි වැඩ අවසන් කිරීමට නියමිතව ඇත. මීට අමතරව රුපියල් මිලියන 296ක වියදමින් තවලන්තැන්න – තලවකැලේ මාර්ගයත් (B 412), රුපියල් මිලියන 302ක වියදමින් හරංගල – කලපිටිය – කුඹල්ඔලුව මාර්ගයත් (B 148), රුපියල් මිලියන 205ක වියදමින් නුවරඑළිය නගරයේ මාර්ගත් (B 331) ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇති අතර මෙම ව්‍යාපෘති හරහා ස්වභාවික විපත් හමුවේ ඔරොත්තු දෙන සහ ප්‍රමිතියෙන් උසස් මාර්ග පද්ධතියක් කඳුකර ප්‍රදේශය තුළ ගොඩනැගීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.













