“දිට්වා” සුළි කුණාටුවෙන් හානියට පත් වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් පසු අද (09) සිට යාපනය සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව කොළඹ සිට යාපනය බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය අද සිටත්, යාල්දේවී දුම්රිය හෙට (10) සිටත් දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
පසුගිය වසරේ බලපෑ සුළි කුණාටුව හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14කට බරපතල හානි සිදුවූ අතර, එම වසරේ දෙසැම්බර් මාසයේදී වේග සීමා යටතේ දුම්රිය කිහිපයක් ධාවනය කළ ද පසුගිය ජනවාරි 19 වැනිදා සිට එම මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනිණි. මේ වන විට හානියට පත් වූ සියලු ස්ථාන ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කර ඇති බැවින්, අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකෙරෙනු ඇත.














