මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත ශක්තිමත් කිරීමේ අරමුණින් සිසු හෙද පුහුණුව සඳහා තෝරාගත් අයදුම්කරුවන් 2918 දෙනෙකු බඳවා ගැනීම අද (මාර්තු 14) අරලියගහ මන්දිරයේදී සිදු කෙරේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිතය. මෙහිදී 2025 වර්ෂයට අදාළ 2022 කණ්ඩායමෙන් තෝරාගත් පිරිසක් සඳහා මෙලෙස පුහුණු පත්වීම් හිමිවනු ඇත.
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාව වෙත සමීප කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව සිදු කෙරෙන මෙම බඳවා ගැනීම් හරහා රෝහල් පද්ධතියේ පවතින හෙද හිඟයට ස්ථාවර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වීමට නියමිතය. මෙම නව බඳවා ගැනීම් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට තීරණාත්මක බලපෑමක් වනු ඇත.














