නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වූ බවට එල්ල වූ චෝදනා කිහිපයක් මත පදනම්ව සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.













