රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමගාමීව, නුවරඑළිය මූලස්ථාන පොලිසිය විසින් අද (08) විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. නුවරඑළියට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්, ප්‍රදේශවාසීන් සහ රියදුරන් මත්ද්‍රව්‍යවලින් තොර සෞඛ්‍ය සම්පන්න සංස්කෘතියකට යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙම වැඩසටහන යටතේ නගරයට ඇතුළු වන වාහනවල මත්ද්‍රව්‍ය නිවාරණ ස්ටිකර් ඇලවීම සහ මගීන්ට අත්පත්‍රිකා බෙදා දීම සිදු කළ අතර, නුවරඑළිය සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී අවධාරණය කළේ ඉදිරි “සැළලිහිණි වසන්තය” උත්සව සමය ඉලක්ක කරගෙන නගරයට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හෝ නීති විරෝධී දුම්වැටි රැගෙන එන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් සහ සෝදිසි කිරීම් දියත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියි.














