ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකාව සිය පළමු යුරෝපීය නියාමිත ආයෝජන අරමුදල වන ‘Sri Lanka Opportunity Fund’ නිල වශයෙන් දියත් කර තිබේ. පෙබරවාරි 25 දින දියත් කළ මෙම අරමුදල, ඉහළ ආයෝජක ආරක්ෂාව, විනිවිදභාවය සහ දෛනික ද්‍රවශීලතාව සඳහා ප්‍රසිද්ධ යුරෝපීය නියාමන ප්‍රමිතියක් වන UCITS රාමුව යටතේ ව්‍යුහගත කර ඇත.
මෙම අරමුදල කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කොටස්, බැංකු, පාරිභෝගික භාණ්ඩ සහ අපනයන කර්මාන්ත වැනි අංශ මෙන්ම රජයේ සහ ඉහළ ගුණාත්මක ආයතනික බැඳුම්කර කෙරෙහි අවධානය යොමු කරයි. දියත් කළ පළමු දිනයේම ඩොලර් මිලියන 20ක මූලික ආයෝජනයක් සහ තවත් මිලියන 30ක ආයෝජන කැපවීම් ලබා ගැනීමට අරමුදල සමත් වී ඇත.














