ආණ්ඩුව බලයට පත්වීමේදී ජනතාවට ලබා දුන් පොරොන්දු සහ වචන පිළිබඳ විශ්වාසය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රජය විසින් ඉන්ධන හිඟයක් නොමැති බව පවසන සෑම අවස්ථාවකම, ජනතාව තවදුරටත් රජයේ වචනය විශ්වාස නොකර පෝලිම්වලට එක්වන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ජනතාව මෙම රජය පත් කළේ ඔවුන්ගේ වචන කෙරෙහි තැබූ අප්‍රමාණ විශ්වාසය නිසා වුවද, වර්තමාන තත්ත්වය හමුවේ එම “මහා පොදු සාධකය” අහෝසි වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














