මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය තත්ත්වය සහ එමඟින් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ හමුවක් පවත්වනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ඇතුළු පක්ෂ නායකයින් සහභාගී වීමට නියමිතයි. මාර්තු මස පළමු පාර්ලිමේන්තු සතිය අද පෙරවරුවේ ආරම්භ වන අතර, විදේශ විනිමය පනත සහ ක්ෂුද්‍ර මූල්‍ය නියාමන පනත් කෙටුම්පත වැනි තීරණාත්මක කරුණු රැසක් මෙවර සැසිවාරයේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. මීට අමතරව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ කල්තැබීමේ විවාදයක් ද ලබන 5 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.














