මෙම වසරේ ගතවූ මුල් දින 53ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පොලිස් කොට්ඨාස 9ක් පුරා සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි. මියගිය පිරිස අතර එක් ද්විත්ව ඝාතනයක වින්දිතයන් ද සිටින බව එම වාර්තාවල සඳහන් වේ. වසරේ පළමු වෙඩි තැබීම ජනවාරි 01 වැනිදා නාවගමුව පොලිස් වසමෙන් වාර්තා වූ අතර, අනතුරුව මරදාන, දෙහිවල, කොල්ලුපිටිය, කළුතර දකුණ, තලංගම සහ කළුතර උතුර යන ප්‍රදේශවලින් ද මාරක වෙඩි තැබීම් වාර්තා වී තිබේ. මෙම අපරාධ රැල්ලේ නවතම සිදුවීම පසුගිය 21 වැනිදා ගන්දර පොලිස් වසමෙන් වාර්තා වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














