දිට්වා සුළිකුණාටුව හමුවේ පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා තවත් මන්ත්‍රීවරුන් 11 දෙනෙකු නම් කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (05) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස ප්‍රසන්න ගුණසේන, රෝහිණි කුමාරි විජේරත්න සහ අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක් පත් කර ඇති බවයි.
නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාවේ ප්‍රධාන කාර්යය වන්නේ ආපදාවට පෙර සූදානම් වීමේදී සිදු වූ අඩුපාඩු පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීමයි. එසේම අනාගතයේදී මෙවැනි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීම ද මෙම කමිටුව හරහා සිදු කිරීමට නියමිතය.














