කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු 04) පෙරවරු 9:30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. අද දින න්‍යාය පත්‍රයට අනුව මෙරට මූල්‍ය සහ නීතිමය ක්ෂේත්‍රයට බලපාන වැදගත් පනත් කෙටුම්පත් කිහිපයක් දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අද දින විවාදයට ගැනීමට නියමිත ප්‍රධාන කරුණු විමසා බැලීමේදී ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත, සමථකරණ පනත් කෙටුම්පත මෙන්ම පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ද ඒ අතර වේ. මෙම පනත් කෙටුම්පත් මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සහ පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වැනි කාලීන අවශ්‍යතාවන් ඉටු කිරීමට රජය අපේක්ෂා කරයි.














