පවතින තත්ත්වය හමුවේ සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන්, අද (18) පාර්ලිමේන්තුව රැස් නොවන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කළාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
හෙට (19) පෙ.ව. 9.30 සිට ප.ව. 2.00 දක්වා කාලය තුළ වාචික ප්‍රශ්න සහ ස්ථාවර නියෝග යටතේ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව, කොළඹ වරාය නගරය ආර්ථික කමිෂන් සභා පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතය
හෙට (19) ප.ව. 2.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” (විශේෂයෙන් මැදපෙරදිග යුදමය වාතාවරණය) පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනේ
අනිද්දා (20) දින ද පෙරවරු කාලය ප්‍රශ්න විමසීම් සඳහා වෙන් කර ඇති අතර, පසුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ලෝක තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය දෙවන දිනටත් අඛණ්ඩව පැවැත්වීමට තීරණය වී ඇත
ගෝලීය වශයෙන් හටගෙන ඇති යුදමය සහ ආර්ථික අර්බුද හමුවේ මෙරට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම දින දෙකේදී දැඩි අවධානයක් යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













