ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ ලාංකේය සංස්කෘතිය තුළ කාන්තාවට හිමි ගෞරවය ඇගයීමට එක් දිනයක් පමණක් ප්‍රමාණවත් නොවන බවයි. බුදු දහමේ ආභාෂය ලත් ලාංකේය සමාජය සැමවිටම කාන්තාවට ‘ගෙදර බුදුන්’ යන උතුම් ගෞරවය ලබා දුන් බවත්, ඉතිහාසය පුරා ඇයව ආරක්ෂා කර බලගැන්වූ බවත් ඔහු පෙන්වා දෙයි.
ලොව පළමු අග්‍රාමාත්‍යවරිය බිහිකළේ ද කාන්තාව කෙරෙහි විශ්වාසය තැබූ මෙරට මහා සභ්‍යත්ව චින්තනය නිසා බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. කාන්තාව බලගැන්විය යුත්තේ ඇයව නොසලකා හැර පසුව පව් සමා කරගන්නා ජාත්‍යන්තර සංස්කෘතියට අනුව නොව, වසර දහස් ගණනක් තිස්සේ ඇයට ඉහළම තැන ලබා දුන් දේශීය සංස්කෘතියට අනුව බවත්, ඒ වෙනුවෙන් තමන් නිර්භීතව පෙනී සිටින බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














