පේරාදෙණිය ප්‍රදේශයේදී හෑෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගෙන් දින 05ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ. මත්ද්‍රව්‍ය භාවිත කරමින් අනෙකුත් සිසුන්ට ද ඒවා අලෙවි කළ බවට සැක කෙරෙන මෙම සිසුවා, විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරීන් සහ පොලිසිය එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
විශ්වවිද්‍යාලයේ සර් අයිවෝ ජෙනිංග්ස් නේවාසිකාගාරයේදී සිදු කළ මෙම වැටලීමේදී, සැකකාර සිසුවා සන්තකයේ තිබී හෑෂ් ග්‍රෑම් 85කට අධික ප්‍රමාණයක් සහ කුෂ් ග්‍රෑම් 11කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණි. අත්අඩංගුවට ගත් සිසුවා හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කලා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන්නෙකි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 70,000කට වැඩි මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීමේ ජාලයක් පවතින්නේ ද යන්න පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.














