මෙරට සූකර කර්මාන්තයේ නියැලී සිටින ගොවීන් මුහුණ දෙන අවදානම් අවම කිරීම සඳහා නව “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්” හඳුන්වා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල යටතේ, වයස මාස 6 සිට අවුරුදු 4යි මාස 6 දක්වා වූ අභිජනන සතුන් සඳහා රක්ෂණාවරණය ලබා ගත හැකිය. හදිසි අනතුරු හෝ රෝගාබාධ හේතුවෙන් සිදුවන සත්ව මරණ සඳහා උපරිමය රුපියල් 200,000/- දක්වා වන්දි මුදලක් ගෙවීමට සැලසුම් කර ඇත. මෙම රක්ෂණය ලබා ගැනීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති ජෛව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ගොවිපොළ පවත්වාගෙන යාම අනිවාර්ය වේ.














