2026-2030 උපායමාර්ගික සැලැස්මට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “පිවිතුරු තේ ගම්මාන 500” වැඩසටහන පිළිබඳ විශේෂ වැඩමුළුවක් නියෝජ්‍ය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ක්ෂේත්‍ර නිලධාරීන් සහ අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, මෙම වසර තුළ පමණක් පිවිතුරු තේ ගම්මාන 144ක් අලුතින් පිහිටුවීමට අවශ්‍ය මූලික සැලසුම් සකස් කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, වර්තමානයේ පවතින ගෝලීය යුදමය තත්ත්වය සහ එහි බලපෑම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් මෙම ව්‍යාපෘති ඉදිරියට ගෙන යන බවයි. තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ සුළු තේ වතු හිමියන් දිරිමත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














