ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නිල සංචාරයක් සඳහා ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගියාය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සව මාලාවට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
මෙම සංචාරය අතරතුර ඇය ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැත්වෙන ප්‍රධාන උත්සවයේදී විශේෂ දේශනයක් පවත්වනු ඇත. මීට අමතරව, පිලිපීන රජයේ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමට නියමිතය.














