මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක්, රන් ආභරණ සහ වෑන් රථයක් සමඟ 55 හැවිරිදි කාන්තාවක් පානදුර, මහවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (13) රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම දේපළ හමු වූ අතර, අදාළ වත්කම් උපයාගත් ආකාරය සනාථ කිරීමට සැකකාරිය අපොහොසත් වී ඇත.
පොලිස් භාරයට ගත් දේපළ අතර රුපියල් 978,060ක මුදලක්, රන් මාල, වළලු සහ මුදු ඇතුළු ආභරණ රැසක් වේ. මෙම වත්කම් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් ඒවාද යන්න පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.














