තම නිවසේ ඉතා සූක්ෂම ලෙස ඉන්ධන තොගයක් රැස්කර සඟවාගෙන සිටි 33 හැවිරිදි කාන්තාවක් ඌව කුඩාඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමගිපුර, ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව සන්තකයේ තිබී පෙට්‍රල් ලීටර් 95ක් සහ ඩීසල් ලීටර් 78ක් පොලිස් භාරයට ගෙන ඇත.
කුඩාඔය පොලීසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ඉන්ධන තොගය සොයාගැනීමට හැකි විය. පවතින ඉන්ධන අවශ්‍යතාවය හමුවේ, වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම ඉන්ධන තොගය සඟවා තබන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද (29) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන පවත්වන අතර, නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරයි.














