“ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන දැනුවත් කිරීමයි” යන ශීර්ෂය යටතේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීම් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අවධාරණය කරයි. ජනතාවට යම් මගපෙන්වීමක් සිදුකරන ආකාරයෙන් සකස් කර ඇති මෙම ව්‍යාජ පල කිරීම් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා නිරීක්ෂණය වූ බවත්, පොලිසිය විසින් එවැනි කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවත් එම කොට්ඨාසය නිල වශයෙන් නිවේදනය කර සිටියි.
පොලිස් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව දැනුවත් කරනු ලබන්නේ නම්, එය නිසි පරිදි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිල ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය වෙත නිකුත් කරනු ලබයි. එසේම, පොලිසියේ නිල ෆේස්බුක් පිටුව සහ යූටියුබ් නාලිකාව ඔස්සේ ද එම පණිවුඩ යාවත්කාලීන කෙරේ. ඒ අනුව, පොලිසිය විසින් නිකුත් කළ බවට හැඟවෙන අයුරින් අසත්‍ය තොරතුරු පතුරුවන පිරිස් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, එවැනි නිවේදන විශ්වාස නොකරන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














