නීති විරෝධී ලෙස ඉන්ධන රැස් කරන ස්ථාන කොන්දේසි විරහිතව වටලන ලෙස පොලිසියට උපදෙස් ලබා දුන් බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද (2026 මාර්තු 26) ප්‍රකාශ කළේය. තිඹිරිගස්යාය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
පවතින තත්ත්වය හමුවේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඒ මහතා, ජනාධිපතිවරයාගේ සිට පහළ මට්ටම දක්වාම රජය ඒ සඳහා අවශ්‍ය ආදර්ශය ලබා දෙමින් සිටින බව ද මෙහිදී සඳහන් කළේය. මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලශක්ති සැපයුමට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව පෙනී යයි.












