අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොලිසිය ඊයේ (21) දිනය පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 506 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. මෙම මෙහෙයුම අතරතුර පුද්ගලයන් 27,699 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 14 දෙනෙකු අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගෙන ඇත. මීට අමතරව සාමාන්‍ය වරෙන්තුකරුවන් 253 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 142 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කරමින් සිදු කළ මෙම මෙහෙයුමේදී බීමත් රියදුරන් 201 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එසේම වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4,447 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට අභ්‍යන්තර ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් මැඩලීම සඳහා මෙම විශේෂ මෙහෙයුම් දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මක වේ.














