ආරක්ෂක සහ නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා නවීන පද්ධතිවලින් උත්ශ්‍රේණි කරන ලද ජංගම CCTV රථ දෙකක් ශ්‍රී ලංකා පොලිසියට භාර දී තිබේ. පොලිස් මූලස්ථානයේදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වාහන නිල වශයෙන් භාර දීම සිදු විය. මෙම රථ උත්ශ්‍රේණි කිරීම සඳහා රුපියල් 9,794,000ක මුදලක් වැය කර ඇත.














