ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි පොලිස් අධිකාරීවරයෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ඒ අනුව පොලිස් අධිකාරී ඩී.ආර්.එස්. ධර්මදාස මහතා මන්නාරම කොට්ඨාසයේ සිට මහනුවර කොට්ඨාසය දක්වා මාරු කර ඇති අතර, සහකාර පොලිස් අධිකාරීවරුන් වන කේ.එල්.ඒ.ටී.එස්. ජයසිංහ මහතා නිල සුනඛ කොට්ඨාසයට ද, එන්.පී.එන්. සුරවීර මහතා නුවරඑළිය කොට්ඨාසයට ද, එස්.පී. එදිරිසිංහ මහතා පොළොන්නරුව කොට්ඨාසයට ද මාරු කර යවා ඇත. මීට අමතරව කේ.ආර්.ඒ. ප්‍රියන්ත මහතා මුලතිව් කොට්ඨාසයට ද, පී.එම්.සී.ආර්. තෙන්නකෝන් මහතා අනුරාධපුර කොට්ඨාසයට ද, එම්. අබේසිංහ මහතා මන්නාරම කොට්ඨාසයට ද, ඩබ්.ජේ.බී. ප්‍රනාන්දු මහතා සේවස්ථ පුහුණු කොට්ඨාසයට ද ස්ථාන මාරු ලබා තිබේ.
තවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස කටයුතු කරන ස්ථානාධිපතිවරුන් 14 දෙනෙකුට ද මෙලෙස ස්ථාන මාරු ලබා දී ඇති අතර ඊට රාගම, මාතලේ, නවගමුව, ඉලවාලි, කෑගල්ල, ගොඩකවෙළ, මඩු, වැලිමඩ, තලංගම, බෙලිඅත්ත සහ මුලතිව් යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළත් වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.














