පවතින අර්බුදකාරී තත්ත්වය රටේ ජනතාව ඉතා හොඳින් තේරුම්ගෙන ඇති පසුබිමක, විපක්ෂයේ ඇතැම් බලවේග එම තත්ත්වය දඩමීමා කර ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීමට දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා අද (2026 මාර්තු 25) ප්‍රකාශ කළේය. මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ඇති වී තිබෙන බලශක්ති සහ ආර්ථික අභියෝග ජය ගැනීමට රජය උත්සාහ දරන මොහොතක, විපක්ෂය ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ සිදු කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සත්‍ය තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කරන ලෙසත්, රටේ ස්ථාවරත්වය වෙනුවෙන් සහාය දෙන ලෙසත් ඔහු මෙහිදී සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම විදේශ සංචිත සහ විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ලබා දුන් සහතිකය හමුවේ වුවද, විපක්ෂය පදනම් විරහිත විවේචන එල්ල කරන බව නිරුක්ෂ කුමාර මහතා අවධාරණය කළේය.














