රටේ උද්ධමනය පාලනය වී බඩුමිල අඩු වීම හේතුවෙන් මෙතෙක් ඉහළ යමින් පැවති නිල දරිද්‍රතා රේඛාව පහළ බැස ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මීට පෙර රුපියල් 17,014ක් ලෙස පැවති නිල දරිද්‍රතා රේඛාව, 2026 ජනවාරි මාසය වන විට රුපියල් 16,730ක් දක්වා රුපියල් 284කින් අඩු වී ඇති බවයි.
මෙම අගය අඩු වීමෙන් අදහස් වන්නේ පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පෙරට වඩා අඩු මුදලක් වැය වන බවත්, එය රටේ මිල මට්ටම් පාලනය වීමේ ප්‍රතිඵලයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව, පුද්ගලයෙකුගේ මසක ආදායම රුපියල් 16,730කට වඩා අඩු නම් පමණක් ඔහු දුප්පතෙකු ලෙස සලකනු ලැබේ. මෙම දරිද්‍රතා රේඛාව දිස්ත්‍රික් මට්ටමින් වෙනස් වන අතර, වැඩිම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් (රුපියල් 18,442) වාර්තා වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














