ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි නියං සහිත කාලගුණික තත්ත්වය හමුවේ ජල විදුලි උත්පාදනය අඩාල වීමේ අවදානම සැලකිල්ලට ගෙන, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පූර්ව සූදානමක නිරත වෙයි. ඒ අනුව, තාප විදුලි බලාගාර ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් විදේශයන්ගෙන් ආනයනය කිරීමට මේ වන විට ලංසු කැඳවා තිබේ.
බලශක්ති අමාත්‍යාංශයේ මූලාශ්‍ර පෙන්වා දෙන්නේ වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය අවම මට්ටමකට වැටෙනු ඇති බැවින්, රටේ විදුලි ඉල්ලුම සපුරාලීමට තාප විදුලි ජනනය 80%ක් වැනි ඉහළ අගයක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි. අදාළ ටෙන්ඩර් පත්‍රිකා විවෘත කිරීම මෙම මස 17 වැනිදා සිදු කිරීමට නියමිත අතර, කිසිදු බාධාවකින් තොරව ඉන්ධන අවශ්‍යතාව සපුරා ගනිමින් විදුලි කපනයකින් තොරව ජනතාවට සේවය සැපයීම රජයේ මූලික අරමුණ වී ඇත.














