ජාත්‍යන්තර වශයෙන් පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව සැමවිටම සිය මධ්‍යස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ලෝක බලවතුන් අතර පවතින ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ වුවද මව්බිමේ අනන්‍යතාවය, ගෞරවය සහ ජාත්‍යන්තර පිළිගැනීම ආරක්ෂා කර ගැනීම රජයේ ප්‍රධානතම වගකීම බවයි.
විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් වූ ඇතැම් යෝජනාවල පවතින අසම්පූර්ණ ස්වභාවය හේතුවෙන් ශ්‍රී ලංකාව ඒවාට සහයෝගය දැක්වීමෙන් වැළකී සිටි බවත්, ඒ වෙනුවට යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් ජාත්‍යන්තර වේදිකාව තුළ හඬ නැගීමට පියවර ගත් බවත් මෙහිදී අනාවරණය විය. මැදපෙරදිග කලාපයේ පවතින යුද අර්බුදය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව පිළිබඳව ලෝක අවධානය යොමුව ඇති මෙවැනි අවස්ථාවක, ශ්‍රී ලංකාව සිය සියලුම තීන්දු තීරණ සහ සම්මුතීන් එළඹෙන්නේ රටේ ස්වෛරීභාවයට හානියක් නොවන අයුරින් මධ්‍යස්ථභාවය පෙරදැරි කරගෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.












