මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය තත්ත්වය පාලනය කර සාමකාමී විසඳුමකට එළඹීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වහාම මැදිහත් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඕනෑම යුද ගැටුමක් ලෝකයේ කිසිදු ජන කණ්ඩායමකට හිතකර ප්‍රතිඵල උදා නොකරන බවයි. නූතන ලෝකය සතු දියුණු අවි ආයුධ සහ තාක්ෂණික මෙවලම් හමුවේ මෙවැනි යුද්ධ අතිශය විනාශකාරී විය හැකි බව පෙන්වා දුන් ඒ මහතා, ශ්‍රී ලංකාව සැමවිටම සාමය වෙනුවෙන් පෙනී සිටින බවත්, කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් සිය උපරිම කැපවීම ප්‍රදර්ශනය කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.














