දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා සෑම බදාදා දිනකම නිවාඩු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය සුරැකීම සහ අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජය ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයට සමගාමීව මෙම පියවර ගෙන ඇත. ඒ අනුව පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයතන ද මෙම රජයේ වැඩපිළිවෙළට සහය දක්වමින් එදිනට සිය අධ්‍යාපන කටයුතු සීමා කිරීමට හෝ නිවාඩු ලබා දීමට කටයුතු කළ යුතු බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.














