රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (2026 මාර්තු 25) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පවතින ගෝලීය සහ දේශීය අභියෝග හමුවේ මහජනතාවට රජයේ සේවාවන් බාධාවකින් තොරව ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
මැදපෙරදිග යුද වාතාවරණය නිසා ඇතිවී තිබෙන බලශක්ති අර්බුදය හමුවේ, රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටලු අවම කිරීමටත්, ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසීමටත් මෙම කමිටුව හරහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී උපදෙස් ලබා දී ඇත.














