රාජ්‍ය සේවයේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදෙමින් වඩාත් විධිමත් රාජ්‍ය පාලන තන්ත්‍රයක් ගොඩනැගීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ දෙවන නිල රැස්වීම අද (26) අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ රාජ්‍ය ආයතනවල පවතින අතිරික්ත සේවක ගැටලුව සහ අත්‍යවශ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳවයි.
අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළේ 1919 රජයේ තොරතුරු කේන්ද්‍රය වැනි මහජන සේවාවන් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත්, රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාව මැන බැලීම සඳහා නව ඇගයීම් ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවත්ය. විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ පොහොර මිල ඉහළ යාම නිසා ඇතිවිය හැකි බලපෑම් අවම කිරීමට රාජ්‍ය අංශය සක්‍රීයව දායක විය යුතු ආකාරය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් සකස් කරන ලද මූලික නිර්දේශ ඇතුළත් වාර්තාව ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













