ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් කලාවේ විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරෙන 2025 රයිගම් ටෙලීස් (Raigam Tele’es) සම්මාන ප්‍රධානෝත්සවය මේ වන විට කොළඹ ශ්‍රැංග්‍රිලා (Shangri-La) හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වී තිබේ. මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන්, නළු නිළියන් සහ ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේදී වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය, වැඩසටහන් සහ මාධ්‍ය දායකත්වයන් වෙනුවෙන් සම්මාන පිරිනැමීමට නියමිතය.














